දිනය 19/07/2008 |
| මැතිවරණ ප්‍රචණ්ඩ
ක්‍රියා ඉහළට |
| ජූලි 19 - උතුරු මැද හා සබරගමු පළාත් සභා
මැතිවරණයට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහාවූ ජනතා
ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධිකාරක කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ
මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද සිද්ධි 23 ක් තම ආයතනය වෙත
වාර්තාවී ඇති බවය.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 12 ක්,
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සිද්ධි 7 ක් , පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්
සිද්ධි 3 ක් හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක් සිද්ධියක් වාර්තාවී
තිබේ.
|
| වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මිය යයි |
ජූලි 19 - පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේදී ත්‍රිරෝද රියකට එල්ල
වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල
ලැබූහ.
සාදයක සිට ආපසු යමින් සිටි පිරිසකට ඊයේ රාත්‍රී
10 ට පමණ එම ප්‍රහාරය එල්ල විය.
තුවාල ලැබූවෝ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති. |
| සාක් සමුළු සමයේ
උඩරට දුම්රියට බාධා නැහැ |
ජූලි
19 - සාර්ක් රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් ලබන පළමුවැනි දින සිට
හතරවැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පනවා තිබූ සීමා
ඉවත්කර තිබේ.
පොලිස් මූලස්ථානය පවසන්නේ, මහනුවර ප්‍රදේශයේ සිට
කොළඹට පැමිණෙන සියලු දුම්රිය අදාළ දිනවල ද කොටුව දුම්රිය ස්ථානය
දක්වාම සීමාවකින් තොරව ධාවනය වන බවය.
එහෙත්, මුහුදුබඩ මාර්ගයේ ගාල්ල ප්‍රදේශයේ සිට
පැමිණෙන සියලු දුම්රිය අදාළ දිනවලදී බම්බලපිටිය දුම්රිය ස්ථානය
දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇත.
අධි ආරක්ෂිත කලාපයක් වන කොල්ලුපිටිය ප්‍රදේශය
හරහා එම දුම්රිය ධාවනය වන බැවින් එම තීරණය ගැනිණ.
දුම්රිය ඔස්සේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දක්වා
ගමන් ගන්නා මගීන්ගෙන් පොලිස් මූලස්ථානය ඉල්ලා සිටින්නේ, පළමුවැනිදා
සිට 4 වැනිදා දක්වා කාලය තුළ අදාළ ගමනාන්ත වලට යාමට බස් රථ භාවිත
කරන ලෙසය.
ලබන පළමුවැනිදා සිට 4 වැනිදා දක්වා කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය
දුම්රිය ස්ථාන වසා තැබෙන බව ද පොලිස් මූලස්ථානය පැවසීය.
|
| මහජන පුස්තකාලයේ
83 වියට පොත් ප්‍රදර්ශනයක් |
 ජූලි
19 - කොළඹ මහජන පුස්තකාලයට වසර 83 ක් පිරීම නිමිත්තෙන් අද එහිදී
පොත් ප්‍රදර්ශනයක් ඇරඹිණ.
දින 5 ක් පුරා පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ඇරඹුණේ
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
විවිධ
ග්‍රන්ථ ප්‍රකාශන ආයතන විසින් මෙම ප්‍රදර්ශන භූමියෙහි කුටි ඉදි
කරනු ලැබ ඇති අතර එහි අගනා පොත පත රැසක් අලෙවි කෙරේ.
මෙම ප්‍රදර්ශනයේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය සිරස
මාධ්‍ය ජාලයෙනි.
කොළඹ සහ පිටකොටුව පුස්තකාල එක් කරමින් 16000 ක් පමණ වූ පොත් තොගයක් සමග කොළඹ මහජන පුස්තකාලය ඇරඹුණේ 1925 වසරේ
ජූලි මාසයේදීය.
එහි සමාරම්භක පුස්තකාලයාධිපති වූයේ එස්.සී. බ්ලොක්
මහතාය.
මේ වන විට කොළඹ මහජන පුස්තකාලය සතු පොත පත සංඛ්‍යාව
දස ලක්‍ෂයකට අධික වේ.
ඒ සමග එක්ව සිටින සාමාජික සංඛ්‍යව එක්ලක්‍ෂ හතලිස්
නවදහස් හැටහතරකි.
කොළඹ
නාගර සීමාව තුළ ඇති සෑම ප්‍රධාන නගරයක්ම ආවරණය වන ලෙස ශාඛා පුස්තකාල
14 කින් ද සමන්විත වන කොළඹ මහජන පුස්තකාලය, ජංගම පුස්තකාල ද
ක්‍රියාත්මක කරයි.
   
එවැනි
සේවා රැසක් සලසන කොළඹ මහජන පුස්තකාලයට 83 වසරක් සපිරීම නිමිත්තෙන්
එහි සුබසාධක සංගමය සංවිධාන කළ පොත් ප්‍රදර්ශනය ලබන 23 වැනිදා
තෙක් මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ. |
| නැතිවන තැපැල් භාණ්ඩවලට
වන්දි ගැනීමේ තැතක් |
ජූලි 19 - විදේශවලදී නැතිවන තැපැල් භාණ්ඩ වෙනුවෙන්
වන්දි අයකර ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි තැපැල්
දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා පැවසුවේ,
මේ පිළිබඳ යෝජනාවක් ඉදිරියේදී පැවැත්වෙන විශ්ව තැපැල් සමුළුවට
ඉදිරිපත් කිරීමට නියමිත බවය.
සමුළුව මේ මස 23 වැනිදා සිට ලබන මස 12 වැනිදා
දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ.
ඊට රටවල් 191 ක නියෝජිතයින් සහභාගි වනු ඇත.
ගුවන් හා මුහුදු තැපැල් වලදී මුද්දර ගාස්තු අඩුකිරීම
සම්බන්ධයෙන් ද සමුළුවේදී අවධානය යොමුවනු ඇතැයි තැපැල්පතිවරයා
පැවසීය. |
| ජලගැල්මෙන් හාරදහසකට පීඩා |
ජූලි 19 - අධික වර්ෂාවත් සමග කොළඹ, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ ජලගැලීම් හේතුවෙන් පවුල් හාර දහසක් පමණ පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක කීර්ති ඒකනායක මහතා ප්‍රකාශ කළේ, ජල ගැලීම් හේතුවෙන් සිදුවු මරණ දෙකක් පිළිබවඳ වාර්තාවී ඇති බවය.
ඒ, වරකාපොල සහ මාතලේ යන ප්‍රදේශවලිනි.
රත්නපුර දිස්ත්‍රික්කය ජල ගැලීමේ වැඩි බලපෑමට ලක්ව තිබේ.
ඔහු පැවසුවේ, කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙල්ගොඩ ප්‍රදේශයේ නිවාස 12 ක් ද ජලයෙන් යටවී ඇත.
පැල්මඩුල්ල මාරපන ප්‍රදේශයේ ද නිවාස ජලයෙන් යටවී තිබේ.
අංගම්මන, ගොඩිගමුව, මුද්දුව, දේවාලේගම ප්‍රදේශ ද ජලයෙන් යටවී ඇති බව කීර්ති ඒකනායක මහතා පැවසීය.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, නෙලුව, නාගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ද, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද ජල ගැලීමේ බලපෑමට හසුව තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. |
| මහ වැසි මැද ජල ගැලීම් |
ජූලි 19 - දින කිහිපයක සිට ඇදහැලෙන මහ වැසි
හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පහත් බිම් යට වී තිබේ.
කළු, ගිං, කුකුළේ සහ නිල්වලා ඇතුළු ප්‍රධාන ගංගා
කිහිපයක ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ
ජල විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා එච්.ටී.පී. ඩයස් මෙනෙවිය
පැවසීය.
මේ අතර ඊයේ රාත්‍රී පැවැති අයහපත් කාලගුණික
තත්ත්වය මධ්‍යයේ මාතලේ ඩෝලෙයි පාරේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන්
එක් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකුට තුවාල සිදුවිය.
|
| යුරෝපා පාර්ලිමේන්තුවේ
නියෝජිතයින් දිවයිනට |
ජූලි
19 - යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට
නියමිතය.
සභාපති
රොබට් එවන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම පිරිස ලබන 26 වැනිදා
තෙක් දිවයිනේ රැඳී සිටිනු ඇත.
නැගෙනහිර පළාතේ සංචාරය අරමුණු කරගත් එම නියෝජිත
පිරිස එම පළාතේ දේශපාලන බලය යළි ස්ථාපනය කිරීම පිළිබඳ විමසා
බලන අතර නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්
මහතා හමුවීමට ද අපේක්‍ෂිතය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ
මහතා පවසන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ ස්ථාවරය මෙළෙස වෙනස්වීම
සතුටුදායක බවය.
විසිවසරක පමණ කාලයක් එල්ටීටීඊ බලපෑමට ලක්ව තිබූ
නැගෙනහිර පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන ආකාරය පරීක්‍ෂා
කිරීමට මෙන්ම එම පළාතේ සංවර්ධනයේ කොටස්කරුවකු වීමට ද යුරෝපා
සංගමයට දොරටු විවර වන බව ආරියසිංහ මහතා පැවසිය. |
| තීරුබදු සහන යටතේ මිලදී ගන්නා ඇතැම් භාණ්ඩවලට තහංචියක් |
ජූලි 19 - විදේශ රටවල සේවය කර ශ්‍රී ලංකාවට
පැමිණෙන්නන්ට තීරු බදු රහිත මිල ගණන් යටතේ ඇතැම් උපකරණ මිලදී
ගැනීම වළකමින් රජය තහංචි පනවා තිබේ.
රාජ්‍ය ආදායම් අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේ, නව නීතිය යටතේ විදේශයන්හි
සේවය කර පැමිණෙන්නන් සදහා දී තිබූ තීරුබදු සහනය අඩුකර නැති බවය.
රටේ විදුලි අර්බුදයට පිළියම් සෙවීමේ පියවරක් ලෙස
ඇතැම් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් රජය නව තහංචිය
පනවා තිබේ.
ඒ අනුව අඟල් 32 රූපවාහිනී යන්ත්‍ර, අධිශීතකරණ,
පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර ද අදාළ භාණ්ඩවලට අයත් වේ. |
| කතකට හදිකිරීමට තැත් කළ කොස්තාපල් අත්අඩංගුවට |
ජූලි 19 - කාන්තාවකට අතවර කිරීමට තැත්කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු
හලාවතදී අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
රංජිත් ගුණසේකර මහතා පැවසුවේ, රාජකාරිය නිමකර මිතුරෙකුගේ නිවසට
ගිය අදාළ පොලිස් කොස්තාපල්වරයා අසළ නිවසක සිටි කාන්තාවකට අතවර
කිරීමට තැත්කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර පොලිස්
කොස්තාපල්වරයා අත් අඩංගුවට ගත් බව ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
සැකකරු ඉරණවිල ප්‍රදේශයේ පොලිස් මුරපොලක සේවයේ
නියුතු වූවෙකි. |