මාර්.05- කුරුණෑගල ,කදුබොඩවත්ත ප්‍රදේශයේ ලදු කෑලෑවක ගලක් පාමුල තිබී අතුරුදන් වු පාසල් සිසුවෙකුගේ මළ සිරුරක කොටස් පොලිසිය විසින් සොයාගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ, එම ස්ථානයේ විනාශ වී ගිය මළ සිරුරේ කොටස් වැහැර ප්‍රදේශයේ පදිංචි මලියදේව ආදර්ශ විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ බවට හදුනාගෙන ඇති බවය.ඊයේ සොයා ගන්නා ලද එම මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කුරුණෑගල රෝහලට යවා ඇතැයි , පොලිසිය පැවසීය.














