Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

වියළි කාලගුණයත් සමග විදුලි පරිභෝජනය ඉහළට

E-mail Print PDF

මාර්.06-පවතින වියළි කාලගුණයත් සමග විදුලි පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තිස්ස හේරත් මහතා පැවසුවේ පසුගිය සති කිහිපයේදී දෛනික විදුලි පරිභෝජනය විදුලි ඒකක මිලියන 2 කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව දෛනික විදුලි පරිභෝජනය ඒකක 30,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සදහන් කළේය.

සභාපතිවරයා පැවසුවේ සංචාරකයින් පැමිණිම හේතුවෙන් හෝටල් ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය ද විදුලි පරිභෝජනය ඉහළ යාමට බලපා ඇති බවය.

විදුලි පරිභෝජනය ඉහළ ගිය ද විදුලි ජනන කටයුතු වලට බලපෑමක් සිදු වී නොමැති බව විදුලිබල මණ්ඩලය පැවසීය.

තාප සහ ජල විදුලිය උපයෝගී කර ගනිමින් ඉහළ ගිය අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි බව තිස්ස හේරත් මහතා  සදහන් කළේය.

ඔහු පැවසුවේ වියළි කාලගුණය පැවතිය ද ජලාශවල ජල ධාරිතාව සැලකිය යුතු ලෙස පහළ ගොස් නොමැති බවය.