Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

සංචාරක වීසා කල් ඉකුත් වු විදේශිකයින් 25දෙදෙනකු පිටුවහල් කෙරේ

E-mail Print PDF

මාර්.06- සංචාරක විසා කල් ඉකුත් වීමෙන් පසු මෙරට රැදි සිටි විදේශිකයින් 25 දෙනෙකු 2010 වසරේ ගෙවී ගිය කාලය තුළ රටින් පිටුවහල් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

එහි විමර්ශන අංශයේ සහකාර පාලක ඩබ්ලිව්. දේවේන්ද්‍ර රාජා මහතා පැවසුවේ, එම විදේශිකයින්ගෙන් බහුතරය ඉන්දීය සහ පාකිස්ථාන ජාතිකයින් බවය.

එම විදේශිකයින් මෙරට රැදී සිටිමින් විවිධ ව්‍යාපාර පවත්වාගෙන ගොස් තිබේ.

 අදාළ විදේශිකයින්  යළි මෙරටට ඇතුළුවීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනයට ද ඇතුළත් කර ඇතැයි, දේවේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.