මාර්.06- එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස් කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු ජර්මන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එම පිරිස ජර්මනියේ වෙසෙන දමිළ වැසියන් බියගන්වා මුදල් එක්රැස් කළ බවට චෝදනා එල්ල වී ඇතැයි, බී. බී. සි.ය වාර්තා කළේය.අත්අඩංගුවට පත් 6 දෙනා අතරට ශ්‍රි ලාංකික පුරවැසියෝ මෙන්ම ජර්මන් පුරවැසිභාවය ලැබුවෝ ද වෙති.
එම පොලීසිය විසින් ජර්මනියේ දමිළ සම්බන්ධීකරණ කමිටු මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන 8 ක් මීට පෙර වටලා ඇතැයි, බී. බී. සී.වාර්තාවේ සදහන් වේ.
ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති මේජර් ජනරල් ජගත් ඩයස් මහතා බී. බී. සී. ලෝක සේවයට පවසා ඇත්තේ, අදාළ කණ්ඩායම ජර්මනියේ වෙසෙන ශ්‍රි ලාංකික දමිළ වැසියන්ට මසකට යුරෝ 50 බැගින් කප්පම් ගෙවන ලෙස බලකර ඇති බවය.
එල්.ටි.ටි.ඊ. සංවිධානය ශ්‍රි ලංකාව තුළ පරාජයට පත් කළ ද ඊට සහය දක්වන කණ්ඩායම් තවමත් යුරෝපය තුළ විවිධ ආකාරයෙන් ඉතා සක්‍රීය මට්ටමක පසුවන බව ද ජර්මනියේ ශ්‍රි ලංකා තානාපතිවරයා බී. බී. සී.යට පවසා තිබේ.
නමුත් 2006 වසරේ සිට එල්.ටි.ටි.ඊ. සංවිධානය යුරෝපා සංගමය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයකි.














