Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

නාම යෝජනා පත්‍ර සංශෝධනය කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

E-mail Print PDF

මාර්.08-පාර්ලිමේන්තු මැතිවරණට එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කය සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සංශෝධනය කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයෙන් නම් කරන ලද චමින්ද ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් එම පෙත්සම ගොනු කළේය.

පසුගිය පෙබරවාරි 25 වෙනිදා තමන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා සඳහා අත්සන් කළ බව තිස්ස කුට්ටිආරච්චි මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේය.

එම නාමයෝජනා තේරීම්භාර නිලධාරීවරයාගේ කාර්යාලයේ ප්‍රදර්ශනය කෙරුණු අතර එහි සිය නම වෙනුවට චමින්ද සේනක රත්නායක කුඹුරේගෙදර මහතාගේ නම ඇතුළත් කරනු ලැබ තිබූ බව ද එහි සඳහන් වේ.

ඔහු නාමයෝජනා සඳහා අත්සන් නොකල අයෙක් වන අතර රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එම නම පසුව නාමයෝජනා පත්‍රයට ඇතුළත් කර ඇති බව ද පෙත්සමේ දැක්වේ.

භාරදී ඇති නාමයෝජනා පත්‍රය ව්‍යාජ එකක් බැවින් පෙත්සම විභාගකොට අවසාන වනතුරු මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණය අත්හිටුවන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.

මැතිවරණ කොමසාරිස්, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ඇතුළු මොණරාගල දිස්ත්‍රික්කයට නාම යෝජනා භාර දුන් පක්ෂ ලේකම්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමෙන් වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත.