Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

අගුණකොලපැලැස්සේ රිය අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට

E-mail Print PDF

මාර්.09-අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් එම අනතුර සිදුව ඇති බවය.

අගුණකොලපැලැස්ස, වැටිය මාර්ගයේදී එම අනතුර සිදුවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.