මාර්.09-ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද පාර්ලිමේන්තුව නැවත කැදවා ඇති බව එහි මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතා සදහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා ඇති කාලය තුළ දී පැන නගින අවශ්‍යතා අනුව පැවැති පාර්ලිමේන්තුව කැදවීමේ ව්‍යවස්ථානුකුල බලතල විධායකයට හිමි වී තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතා පැවසුවේ ඒ අනුව 70 - 7 සහ 155 - 6 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුව යළිත් කැදවා ඇති බවය.
පාර්ලිමේන්තු ඉතිහාසයේ මීට පෙර අවස්ථාවකදී ද මෙලෙස යළි කැදවීමක් කර ඇති බව ධම්මික කිතුලේගොඩ මහතා සදහන් කළේය.














