Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

නොරච්චොලේ තාප විදුලි බලාගාර වැඩබිමෙහි ගින්නක්

E-mail Print PDF

මාර්.09-කල්පිටිය, නොරච්චොලේ තාප විදුලි බලාගාර වැඩබිමෙහි පිහිටි ගබඩාංගණයක අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අලුයම 1 ට පමණ ඇති වූ ගින්නෙන් පී.වී.සී. බට තොගයකට සහ රබර් නල තොගයකට හානි සිදුව ඇති බවය.

කල්පිටිය පොලිසිය, පාලවිය ගුවන් හමුදා කදවුරේ ගිනි නිවීම් ඒකකය, නාවික හමුදාව සහ වැඩබිමෙහි කම්කරුවන්ගේ සහාය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.

ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.