මාර්.09-ශ්‍රි ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් බල පවත්නා නීති සංශෝධනයකට ලක් විය යුතු බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේය.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක නීතීඥ රසාංග හරිස්චන්ද්රමහතා සදහන් කළේ ප්‍රචාරණ කටයුතු වලදී මැතිවරණ නීති මෙතරම් උල්ලංඝණය වීමට එම
තත්ත්වය බලපා ඇති බවය.
මෙරට ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පවතින මැතිවරණ නීති මගින් යම් කොට්ඨාසයක් අසාධාරණයකට ලක් වී අතැයි කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන
ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.














