මාර්.09-අලුත්ගම, මිහිරිපැන්න දර්ගා නගරය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 8 ට පමණ යතුර පැදියකින් පැමිණි පුද්ගලයෙකු තවත් යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවය.සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.
දර්ගා නගරය ප්‍රදේශයේ අවුරුදු 44 ක් වයසැති පුද්ගලයෙකු එලෙස මියගොස් ඇත.
පොලිසිය පැවසුවේ සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.
මේ අතර වලස්මුල්ල, මෝදරවාන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දී සිදු කළ වෙඩි
තැබීමක දී පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රී 8 ට පමණ සිදු කළ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන්
වලස්මුල්ල සහ මාතර රෝහල්වල ප්‍රතිකාර ලබන බවය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට
ගැනීම සදහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ද පොලිසිය පැවසීය.














