මාර්.09-කොළඹ බම්බලපිටිය මුහුදු තීරයේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාව එම ස්ථානයෙන් ඉවත් කරමින් තිබෙන බව නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සදහන් කළේ ඊයේ සවස 3.30 ට පමණ වූ අනතුරකින් නාවික භටයින් 5 දෙනෙකු මුහුදට වැටී ඇති බවය.සිද්ධියෙන් අදාළ නාවික භටයින් දිවි ගලවා ගත් අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වූයේ නැහැ.
යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම අනතුරට හේතුව බව ද නාවිකා හමුදා පැවසීය.














