Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

රෝහල අසල දමා ගිය කුඩා දරුවන්ගේ මව සෙවීමට පරීක්ෂණ

E-mail Print PDF

මාර්.09-පුස්සැල්ලාව වහුගපිටිය රෝහල අසල දමා ගිය කුඩා දරුවන්ගේ මව සෙවීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය සදහන් කළේ වයස අවුරුදු 4 නොඉක්මවූ දරුවන් තිදෙනෙකු වහුගපිටිය රෝහල අසල දමා ගොස් සිටියදී සොයා ගත් බවය.

එම දරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ප්‍රතිකාර සදහා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ.

ගම්පොල රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන අතර ඔවුන් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.

දරුවන්ගේ මව හෝ භාරකරුවෙකු සොයා ගන්නා තෙක් ඔවුන් පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සදහන් කළේය.