මාර්.09- අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී වූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම 12.15 ට පමණ එම අනතුර වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.
අගුණකොළපැලැස්ස , බරවා කුඹුර මාර්ගයේදි කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් අදාළ අනතුර වී තිබේ.
අනතුරින් මිය ගිය පිරිස දෙනියාය, මාතර, කටුවන සහ වීරකැටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.














