මාර්.09- රක්ෂිත බන්ධනාගාරගත ව සිටි ඌව පළාත් විපක්ෂ නායක උපාලි සමරවීර මහතා අද ඇප මත මුදා හැරිණි.
වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එලෙස මුදාහැර තිබේ.රුපියල් 50,000 මුදල් ඇප සහ රුපියල් 100,000 බැගින් වු ශරිර ඇප දෙකක් මත ඌව පළාත් විපක්ෂ නායකවරයා මුදා හැරීමට මහේස්ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා නියෝග කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් විපක්ෂ නායකවරයා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
ඌව පරණගම පොලිසිය විසින් ඌව පළාත් විපක්ෂ නායකවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.














