Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

වැල්ලව දී පොලිස් වෙඩි පහරින් පාතාලයේ දෙදෙනෙක් මරුට

E-mail Print PDF

මාර්.09- අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනෙක් වැල්ලව දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුහ.

පොලිසිය පැවසුවේ, අද අලුයම ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීයකුට පහරදී ඔහුගේ ගිනි අවියද පැහැර ගෙන අදාළ සැකකරුවන් පලාගොස් ඇති බවය.

සැකකරුවන් දෙදෙනා සිර මැදිරියේ වහළයෙන් බැස ත්‍රිරෝද රථයකින් පළාගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, සැකකරුවන් ලුහුබැද ගොස් බඩගමුව කැලෑ බද ප්‍රදේශයකදි අදාළ වෙඩි තැබීම කළ බවය.

‍මියගිය පාතාල සාමාජිකයින් දෙදෙනා දිවයිනේ  විවිධ ප්‍රදේශවල වු අපරාධ රැසකට සම්බන්ධ බව පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා මිනිස් ඝාතන 24 කට සහ මංකොල්ලකෑම් 100කට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ බවට සැක කෙරේ.

මියගිය පාතාල සාමාජිකයින් දෙදෙනා නාරාහේන්පිට සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පළායමින් සිටි සැකකරුවන්ගේ පහර දීමට ලක්වූ පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ.