Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

ඒකාබද්ධ ප්‍රකාශනයේ ප්‍රගතිය සෑහිමකට පත්විය නොහැක- බෑන් කී මූන්

E-mail Print PDF

මාර්.09-  යුද්ධය අවසන්වීමෙන් පසු රජය එක්සත් ජාතින් සමග අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයට අදාළ කරුණු ඉටු කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි යැයි, මහලේකම් බෑන් කී මූන් මහතා පැවසීය.

දේශපාලනික සමගියක් ඇති කිරිම, අභ්‍යන්තරික අවතැන් වු පුද්ගලයින්ට සැළකිම සහ ගැටුම් සමයේ අන්තර් ජාතික මනුෂීයවාදී නීතිය හා මානව හිමිකම් උල්ලංඝනය වී තිබේදැයි විමර්ශනය, එම කරුණු අතරට ඇතුළත් වේ.

ඊයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී වාර්තාකරුවන් අමතමින් මහලේකම්වරයා ප්‍රකාශ කළේ, තමන් ඒ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා දුරකථනය ඔස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අවංක සහ විවෘත ලෙස අදහස් හුවමාරු කරගත් බවය.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමට උපදේශක මණ්ඩලයක් පත් කරන බව තමා එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලි ලෙස ප්‍රකාශ කළ බවද එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා පවසා තිබේ.

එක්සත් ජාතින්ගේ පුවත් සේවය පැවසුවේ, මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ද එම කරුණු සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බවය.

දේශපාලනික කටයුතු පිළිබඳ මහලේකම් ලීන් පැස්කෝ මහතා ශ්‍රි ලංකාවට එවන බව එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා මිට පෙර ප්‍රකාශ කර තිබුණි.