Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

ජල විදුලි උත්පාදනය පහළට - ල.වි.ම

E-mail Print PDF

මාර්.10-පවතින වියළි කාලගුණයත් සමග ජල විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සැළකිය යුතු ලෙස පහළ යාම එයට හේතුව වේ.

විදුලි බලාගාර ආශ්‍රිත සියලු ජලාශවල ජල ධාරිතාවය පහතවැටී ඇති බව විදුලි බල මණ්ඩලය පැවසීය.

එහි සභාපති තිස්ස හේරත් මහතා ප්‍රකාශ කළේ  පවතින තත්ත්වය යටතේ දෛනික විදුලි අවශ්‍යතාවෙන් 70%ක් තාප බලාගාර වලින් උත්පාදනය කිරීමට සිදුව ඇති බවය.

මේ වන විට ජල විදුලි බලාගාර වලින් උත්පාදනය කෙරෙන්නේ දෛනික විදුලි අවශ්‍යතාවෙන් 30% ක් පමණක් බව ද සභාපතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් ජල මට්ටම අඩුවීමට පෙර ජල විදුලි බලාගාරවලින් 35% ක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට ලබා ගැනිණි.

‍මෙරට දෛනික විදුලි පරිභෝජනය ඒකක මිලියන 24 ත් 30 ත් අතර ප්‍රමාණයක් වේ.