Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

කලුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

E-mail Print PDF

මාර්.10-අත්අඩංගුවට පත් කලුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පානදුර මහේෂ්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔහුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය.

එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් 5 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පහර දීමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ගනු ලැබේ.