Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

උසස් පෙළ සිසුන්ට කඩිනමින් හැදුනුම්පත් ලබා දීමට පියවර

E-mail Print PDF

මාර්.10-අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනි සිටින සිසුන්ට කඩිනමින් ජාතික හැදුනුම්පත් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි  පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් දෙපාර්තමෙන්තුව පැවසීය.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ඒ.ජි ධර්මදාස මහතා පැවසුවේ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පාසල් වල විදුහල්පතිවරුන්ට අයදුම්පත් එවීමට අවශ්‍ය පියවර ගන්නැයි උපදෙස් ලබා දි ඇති බවය.

වයස අවුරුදු 16 න් ඉහළ සියලුම සිසුන්ට ජාතික හැදුනුම්පත් ලබාගැනිම සදහා අයදුම්පත් යොමු කළ හැකි අතර අයදුම්පත් අදාළ පාවිදුහල්පතිවරයා විසින් සහතික කළ යුතු වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් දෙපාර්තමෙන්තුවට ලැබෙන අයදුම්පත් කඩිනමින් පරික්ෂා කර බලා සති දෙකක් ඇතුළත  හැදුනුම්පත් නිකුත් කිරිමට පියවර ගන්නා බව කොමසාරිස් වරයා ප්‍රකාශ කළේය.

ඔහු සදහන් කලේ දැනටමත් අයදුම්පත් ලැබෙමින් පවතින බවයි.