මාර්.11- ජෙනරල් සරත් ෆොන්සේකාට එරහිව එල්ලවී ඇති චෝදනා 7 ක් විභාග කිරීම සදහා යුධ හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් අද හමුදා අධිකරණය සදහා සාමාජිකයින් පත් කරනු ලැබිණි.
හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් ප්‍රශාද් සමරසිංහ මහතා සදහන් කළේ, එහි සභාපතිවරයා ලෙස මේජර් ජෙනරල් එච්.එල්.වීරතුංග මහතා පත්කර ඇති බවය.මේජර් ජෙනරල් ඒ.එල්.ආර්.විජේතුංග සහ මේජර් ජෙනරල් ඩී.ආර්.ඒ.බී.ජයතිලක යන මහත්වරු අනෙකුත් සාමාජිකයෝ වෙති.
ඊට අමතරව රියර් අද්මිරල් ඩබ්ලිව්. ඩබ්ලිව්.ජේ.එස්. ප්‍රනාන්දු විනිසුරු අධිනීතීඥ ලෙසද පත්කර ඇතැයි, හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේය.
හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ සාමාජිකයන් යුධ අධිකරණ දෙක සදහාම කටයුතු කරණු ඇති බවය.
එක් යුධ අධිකරණයක කටයුතු ලබන 16 වෙනිදා ආරම්භ වන අතර අනෙක් යුධ අධිකරණයේ කටයුතු ලබන 17 වෙනිදා ආරම්භ වීමට නියමිත වේ.
එම යුධ අධිකරණ නාවික හමුදා මූලස්ථානයේදී රැස්වීමට නියමිත බව ද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් ප්‍රශාද් සමරසිංහ මහතා සදහන් කළේය.
එහි දී ඉදිපත් කෙරෙන චෝදනා කොටස් දෙදෙකට වෙන්කර හමුදා අධිකරණ දෙකට ඉදිරිපත් කරනු ඇත.
එක් අධිකරණයක් යටතේ චෝදනා 3 ක් ගොනු කෙරෙන අතර ෆොන්සේනා මහතා යුධ හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු වල නිරතවීම එම චෝදනා 3 ට අයත්වේ.
එසේ ගොනු කරන එක් චෝදනාවක් යුධ හමුදා පනතේ 124 වගන්තිය යටතේ ද අනෙක් චෝදනා දෙක 102 (01) යටතේ ද පැවරෙනු ඇත.
අනෙක් යුධ අධිකරණය යටතේ යුධ හමුදාවේ වල ප්‍රසන්පාදන කටයුතු හෙවත් මිලදී ගැනීම්වලට අදාළ නීති රීති වලට පටහැනිව කටයුතු කිරීම පිළිබද චෝදනා 4 ක් විභාග කිරීමට නියමිතය.
එය යුධ හමුදා පනතේ 109 ඊ වගන්තිය යටතේ ගොනු කෙරෙන බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය.














