Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

කළු ගගට වැටුණු දරුවා පිළිබද පොලීසිය තොරතුරු සොයයි

E-mail Print PDF

මාර්.12- කළු ගගට වැටි පාවෙමින් සිටිය දී ඊයේ සවස බේරාගත් වයස පිරිමි දරුවා කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ, එම දරුවාට ශ්වසනය පිළිබදව මතුව ඇති ප්‍රශ්නයක් හේතුවෙන්  යාන්ත්‍රානුසාරයෙන් ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවය.

ඊ‍යේ සවස කළුතර පාළම හරහා ගමන් කරමින් තිබු ලොරි රථ  රියදුරෙකු  දරුවා ගගේ පාවෙනු දැක පසුව තවත් තිදෙනෙකුගේ ආධාර මත දරුවා බේරා ගෙන තිබුණි.

ඉන් පසුව  දරුවා නා‍ගොඩ රෝහලට ප්‍රතිකාර සදහා රැගෙන ගොස් පසුව කොළඹ ළමා රෝහලට මාරුකර යවා තිබේ.

ඒ අතර අදාළ දරුවා ගගට වැටීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරික්ෂණ ආරම්භ කර තිබේ.
 
එහි පොලිස් පරික්ෂකවරියක වන මල්කා තුෂාරි මහත්මිය අද දින ළමා රෝහලට පැමිණි නමුත්  දරුවා තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් පරික්ෂණ කටයුතු කල් දැමිණි.

එම දරුවා ගගට වැටිම සම්බන්ධයෙන් හෝ ‍දරුවා පිළිබදව තොරතුරක් වෙතොත් කළුතර දකුණ පොලිසියට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.