මාර්.12- කටුනායක ගුවන් තොටුපළේ ගුවන් බඩු අංශය හරහා නීති විරෝධීව හොංකොං වෙත යැවීමට සුදානම් කර තිබූ ජීවී පොකිරිස්සන් තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.
ප්රධාන රේගු නිවාරණ නිලධාරී සමන්ත ගුණසේකර මහතා සදහන් කළේ, රුපියල් ලක්ෂ 6 ක් වටිනා පොකිරිස්සන් ඇසුරූ පෙට්ටි 25 ක් අද අලුයම සොයා ගත් බවය.
පොකිරිස්සන් විදේශගත කිරීමට උත්සහ කළ පුද්ගලයාට රුපියල් ලක්ෂ 2 ක දඩයක් නියම කෙරිණි.
අදාළ පොකිරිස්සන් තොගය අද උදෑසන මීගමුව මුහුදුට මුදා හැර තිබේ.
ධීවර හා ජලජ සම්පත් පනත යටතේ බලපත්රයක් ලබාගෙන තිබුනද බලපත්ර කොන්දේසි කඩකර තිබීම හේතුවෙන් පොකිරිස්සන් තොගය රේගු භාරයට ගත් බව ගුණසේකර මහතා සදහන් කළේය.
පොකිරිස්සන් එතෙර යැවීමේදී බිත්තර සහිත පොකිරිස්සන් යැවීම මෙන්ම සෙන්ටිමීටර් 6 කට වඩා හිස කුඩා පොකිරිස්සන් එතෙර යැවීම තහනම් වේ.














