මාර්.13- මහ මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රචාරක කාර්යාල පිහිටුවීම නීති විරෝධී ක්‍රියාවක් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.
අදාළ තත්ත්වය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ද ඔහු ප්‍රකාශ කළේය.
මැතිවරණ නීතියට අනුව එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට එක් ඡන්ද මධ්‍යස්ථාන බල ප්‍රදේශයක් තුළ ඉදි කළ හැක්කේ එක් කාර්යාලයක් පමණි.
එමෙන්ම එක් දේශපාලන පක්ෂයකට හා ස්වාධීන කණ්ඩායමට දිස්ත්‍රික් මධ්‍ය කාර්යාලයක් පිහිටුවිමටද මැතිවරණ නීතිය යටතේ අවසර ලැබේ.
නමුත් කිසිදු අපේක්ෂකයකුගේ නමින් ප්‍රචාරක කාර්යාල පිහිටුවීම නීති විරෝධී තත්ත්වයකි.
මැතිවරණ නීතිය කඩ කරමින් සෑම අපේක්ෂකයකුම ප්‍රචාරක කාර්යාල පිහිටුවිම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇතැයි, කුලතුංග මහතා පැවසීය.
ඊයේ පැවති සාකච්ඡාවක දී නීති විරෝධී මැතිවරණ කාර්යාලය ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.














