මාර්.13- ගුරුවරයෙකුගේ පහරදීමකට ලක් වු බව කියන මැදවච්චිය ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අදාළ පාසලේ පන්ති දෙකක් අතර වු ගැටුමකින් අනතුරුව අදාළ ගුරුවරයා සිසුන් දෙපිරිසට පහරදුන් බව ප්‍රතිකාර ලබමින් සිටින සිසුහු පැවසුහ.එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ, පැමිණිල්ලක් ලද බව මැදවච්චිය පොලීසිය සදහන් කළේය.














