මාර්.13- මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරික්ෂකයෝ පවසති.
කැෆේ සංවිධානය පැවසුවේ, අදාළ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවය.ජාතික මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථායට මැතිවරණය ආශ්‍රිත පැමිණිලි 52 ක් වාර්තා වී ඇතැයි, එහි ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පැවසුවේ, තමන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආශ්‍රිත නීති උල්ලංඝනය කිරිම් 30 ක් වාර්තා වී ඇති බවය.
ඉන් වැඩි සංඛ්‍යාවක් එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බව එහි මාධ්‍ය සම්බන්ධීකාරක ඩි.එම් දිසානායක මහතා සදහන් කළේය.














