Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මහා මාර්ගවල මැතිවරණ සලකුණු මකා දැමේ

E-mail Print PDF

මාර්.13- මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ පින්තාරු කරන ලද ස්ථාන 6,000 කට අධික සංඛ්‍යාවක් මකා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවසුවේ, ඒ සදහා තීන්ත ලිටර් 700 කට අධික ප්‍රමාණයක් වැය වු බවය.

ඊට අමතරව නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඉවත් කිරිමේ කටයුතු දීපව්‍යාප්තව ආරම්භ කර ඇතැයි, ඔහු සදහන් කළේය.