Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මී උණ රෝගීන් 8දෙනෙකු ජීවිතක්ෂයට

E-mail Print PDF

මාර්.13-  මී උණ රෝගය වැළදුනු  පුද්ගලයින් අට දෙනෙකු වසරේ ගෙවී ගිය කාලය තුළ ජිවිතක්ෂයට පත්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, අදාළ කාලය තුළ රෝගයට ගොදුරු වු සංඛ්‍යාව 800 ඉක්මවන බවය.

කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්කවල මී උණ ‍රෝගය පැතිර යාමේ ‍අවදානමක් පවතින බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, පසුගිය වසරට සාපේක්ෂව 2010 වසරේ මී උණ රෝගය ව්‍යාප්තියේ පැහැදිලි අඩුවිමක් දක්නට ලැබෙන බවය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශිය කාර්යාල සමග එක්ව ක්‍රියාත්මක කළ දැනුවත් කිරිමේ වැඩ සටහන් උණ රෝගය ව්‍යාප්තිය අවම වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි, මහීපාල මහතා ප්‍රකාශ කළේය.