මාර්.13- පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගි බස් රථවල ආසන වෙන් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.
එහි සභාපති මහාචාර්ය අමල් කුමාරගේ මහතා පැවසුවේ, අදාළ ක්‍රමවේදය ජංගම දුරකථනය ඔස්සේ හදුන්වා දෙන බවය.ඊට අමතරව අධි සුඛෝපභෝගී අන්තර් පළාත් බස් සේවය පුළුල් කිරිමටද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සැලසුම් සකස් කර තිබේ.
අපේක්ෂිත වැඩපිළිවෙළ යටතේ යාපනය, අනුරාධපුරය සහ කතරගම දක්වා අධි සුඛෝපභෝගී බස් සේවයක් ආරම්භ කිරිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.
ඊට සමගාමිව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථවල පහසුකම් ද ඉහළ නංවන බව අමල් කුමාරගේ මහතා පැවසීය.














