මාර්.13- කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට පත් විදේශිකයෙකු ශරීරගත කර රැගෙන ආ හෙරොයින් අඩංගු කරල් 70 ක් සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සැකකරු ශරීරගත කරගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 560 ක් අඩංගු කරල් 70 ක් මීගමුව රෝහලේදී සොයා ගෙන ඇති බවය.අදාළ සැකකරු පසුගිය 10 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරින්ගේ අත් අඩංගුවට පත්විය.
වැඩිදුර විමර්ශන සදහා අදාළ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමෙන් පසු ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මකවූ බව පොලීසිය සදහන් කළේය.














