Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

වෙන්නප්පුවේදී මාරක රිය අනතුරක්

E-mail Print PDF

මාර්.14- වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේදී අද අලුයම වූ රිය අනතුරකින් පුද්ගලයෝ දෙදෙනක් මියගොස් 9 දෙනෙකු තුවාල ලැබුහ.

අලුයම 3 ට පමණ මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අදාළ අනතුර වී තිබේ.

ජා ඇල සිට තලවිල ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගි වීම සදහා යමින් සිටි පිරිසක් අදාළ වෑන් රථයේ ගමන් කර ඇතැයි‍, පොලීසිය සදහන් කළේය.

තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

අනතුරින් තුවාල ලැබු තවත් පුද්ගලයින් 8 දෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් ද වන බව පොලීසිය පැවසීය.