Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු ජීවිතක්ෂයට

E-mail Print PDF

මාර්.14- ත්‍රීකුණාමලය මහාමායාපුර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත පොලිස් කණ්ඩායමක සිටි අයෙකු ආරක්ෂාව සදහා කළ බව කියන වෙඩි තැබීමකින් පසුගිය 12වෙනිදා පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත් විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ,  සැකකරුවන් හා වරෙන්තුකරුවන් සොයා අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

ඒ අනුව සැකකටයුතු  නිවසකට ගිය අවස්ථාවේ නිවස තුළ සිටි අයෙකු කළ වෙඩි තැබීමකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු බරපතල තුවාල ලබා තිබේ.

අනතුරුව පොලිසිය නිවසට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එහි සිටි අයෙකු වෙඩි තැබීමට තැත් කිරීමත් සමග පොලීසිය වෙඩි තබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

නමුත් පොලීසිය බව නොදැන අදාළ වෙඩි තැබිම කළ බව නිවැසියන් පැවසීය.