Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

උසස් පෙළ විභාග අයදුම අප්‍රේල් 5 වෙනිදා දක්වා

E-mail Print PDF

මාර්.14- අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීම අප්‍රේල් මස 5 වෙනිදා දක්වා ‌ෙක‌ෙරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

විභාග කොමසාරිස් ජෙනරල් අනුර එදිරිසිංහ මහතා සදහන් කළේ, දැනට එම අයදුම්පත් භාර ගැනීමේ කටයුතු කෙරෙමින් පවතින බවය.

අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත.

ඒ අතර  සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.