මාර්.14- මිල කළ නොහැකි දඹ රන් බුදු පිළිම කිහිපයක් අලෙවි කිරිමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරිමට පොලීසිය සමත්විය.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමකදී අදාළ බුදු පිළිම සොයාගෙන තිබේ.ගොකරැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අළෙවි කිරීමට සූදානම් කර තිබූ එම බුදු පිළිම මිලදී ගන්නා මුවාවෙන් පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් ඇත.
එහි දී රත්‍රං බුදු පිළිම 6 ක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒ අවස්ථාවේ අදාළ පිළිම පොලිස් භාරයට ගත් බව පොලිසිය සදහන් කළේය.














